වෙබ් ලිපිනය:

Saturday, April 15, 2017

සෙනසුරු, බ්‍රහස්පති හා ඇමරිකාවේ දේශපාලනය


ලංකාවේ බොහෝ දෙනෙකු සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සමරමින් කාර්ය බහුල වී සිටියදී, මේෂ සංක්‍රාන්තියට දෙතුන් පැයකට පෙර, ඇමරිකාවේ නාසා ආයතනය විසින් සෙනසුරු හා බ්‍රහස්පති ග්‍රහයන්ගේ චන්ද්‍රයන් වෙත නුදුරු දිනක සිදුවිය හැකි නෑදෑ ගමන් ගැන ඉඟි පළ කරමින් විශේෂ පුවත් සාකච්ඡාවක් පැවැත්වුවේය.

සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයේ සිට තොරතුරු එවන මිනිසුන් රහිත කැසිනි අභ්‍යවකාශ යානය හා හබල් දුරේක්ෂය උපකාරයෙන් ලබාගත් අළුත් තොරතුරු මේ සාකච්ඡාවට පදනම් විය. මෙහිදී අනාවරණය කෙරුණු ප්‍රධාන කරුණ වූයේ ජලය යනු අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ පෘථිවියට පමණක් විශේෂ වූ දුලබ දෙයක් නොවන බවයි.

කැසිනි අභ්‍යවකාශ යානය මඟින් සෙනසුරුගේ එන්සලඩස් චන්ද්‍රයා මත ජීවය පවතින බවට සාක්ෂි කිසිවක් සොයාගෙන නැතත්, ජීවය පැවතීමට අවශ්‍ය මූලික තත්ත්වයන් ගණනාවක් එහි පවතින බව හඳුනාගෙන තිබේ. පෘථිවියේ ඇති ආකාරයේ කාබනික ජීවයක පැවැත්ම සඳහා ද්‍රව තත්ත්වයේ පවතින ජලය, ආහාර ලෙස සුදුසු ශක්ති ප්‍රභවයක් හා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස් හා සල්ෆර් යන මූලද්‍රව්‍ය තිබිය යුතුය.

එන්සලඩස් චන්ද්‍රයා මත පොස්පරස් හා සල්ෆර් මූලද්‍රව්‍ය හැර අනෙකුත් අවශ්‍ය සාධක ඇති බව හඳුනාගෙන ඇති අතර චන්ද්‍රයාගේ මධ්‍යයේ මේ මූලද්‍රව්‍ය දෙකද ඇති බව නාසා විද්‍යාඥයෝ සිතති. එහි පෘෂ්ඨයේ සිට ඉහළට විදින වාෂ්ප විශ්ලේෂණය කිරීමෙන් පසුව එම වාෂ්ප වල 98%ක් ජලයද, 1%ක් හයිඩ්‍රජන් වායුවද, ඉතිරිය කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා ඇමෝනියා ආදිය අඩංගු මිශ්‍රණයක් බවද හඳුනාගෙන තිබේ.

කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත යවන විට එන්සලඩස් මත ජීවය ඇති බව සොයා බැලීමේ අදහසක් නොවූ අතර එහි පෘෂ්ඨයෙහි වාෂ්ප විදින තැන් (Plumes) ඇති බව එහි යන තුරුම නොදැන සිටි දෙයකි.

මේ අතර, හබල් දුරේක්ෂය මඟින් ලබා ගත් ඡායාරූප අනුව බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත
මෙසේ වරින් වර සැතපුම් ගණනක් ඉහළට වාෂ්ප විදින නිශ්චිත උණුසුම් ස්ථාන ඇති බව හඳුනාගෙන තිබේ. ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කිහිපයකමද බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය පැවතිය හැකි බවට අදහස් පළ කෙරී තිබිණි.

මාස කිහිපයකට පෙර නාසා ආයතනය විසින් ආලෝක වර්ෂ 40ක දුරින් ජීවය පැවතීමේ ඉඩකඩ ඇති ග්‍රහලෝක තුනක් සහිත සූර්යයෙකු හඳුනාගත් බව නිවේදනය කළේය.  ආලෝක වර්ෂ හතළිහක් විශ්වයේ ප්‍රමාණයට සාපේක්ෂව ළඟ දුරක් වුවත්, දැන් අපට ජීවය ඇති බවට සාක්ෂි ලැබී ඇත්තේ අපේම අසල්වාසී ගෙදරකිනි.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහයෙකු වෙත යානයක් යැවීම ග්‍රහයන්ගේ සාපේක්ෂ චලනයන් සියුම් ලෙස හදාරමින් සිදු කළ යුතු සංකීර්ණ කාර්යයකි. කෙසේ වුවද, ග්‍රහයින්ගේ පිහිටීම් සැලකිය යුතු තරමින් නිවැරදිව හඳුනා ගැනීම මිනිසුන්ට වසර දහස් ගණනකට පෙරද  කරන්නට හැකි වූ දෙයකි. කැසිනි වැනි යානා සෙනසුරුගේ චන්ද්‍රයින් වෙත යැවීමට හැකි වී තිබෙන්නේ මේ දැනුම අවුරුදු දහස් ගණනක් තිස්සේ දියුණු කළ සියළු විද්‍යාර්ථීන්ගේ කැපකිරීම් නිසාය. 


අභ්‍යවකාශ නිරීක්ෂණය යනු වසර දහස් ගණනකට පෙරද වසර ගණනාවක පුහුණුවක් ලබා ප්‍රගුණ කළ යුතු විද්‍යාවක් විය. එවැනි කැප කිරීමක් කිරීමට මේ කටයුතු වල නිරත වූ ආදි විද්‍යාර්ථින්ට ලැබුණු මහජන සහයෝගය හා රාජ්‍ය අනුග්‍රහයද උදවු වෙන්නට ඇත.

තාරකා විද්‍යාවට සාපේක්ෂව මිනිසාගේ සම්භවය ගැන අපේ දැනුම බොහෝ අළුත් දැනුමකි. ජීවය බිහිවීම පැහැදිලි කිරීමට අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩ නැඟුණු විවිධ ප්‍රවාද අතර තාරකා විද්‍යා ප්‍රවාද වල තරම් ඒකමිතියක් දකින්නට නොලැබුනේය. එන්සලඩස් හා යුරෝපා චන්ද්‍රයින් මත අප ජීවය සොයන්නේද ජීවයේ සම්භවය පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීමටය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසුව නාසා ඇතුළු බොහෝ පර්යේෂණ ආයතන වලට සපයන අරමුදල් කපා හැරීමට යෝජනා කර ඇතත් නාසාහි ග්‍රහලෝක අධ්‍යයන අංශය වෙනුවෙන් ලබාදෙන අරමුදල් ඩොලර් බිලියන 1.6 සිට 1.9 දක්වා වැඩි කර තිබීම විශේෂත්වයකි. මේ අරමුදල් වලින් කොටසක් බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය ඇත්දැයි පිරික්සීම සඳහා වෙන් කෙරෙනු ඇත.



Image: http://www.politicalgarbagechute.com/donald-trump-says-president-hed-annex-jupiter/

7 comments:

  1. ඇ.එ.ජනපදයට ජනවාරියේ ලැබූ හෙනහුරු ඒරාෂ්ඨකය මිඩ් ටර්ම් වෙනවිට තරමක් අඩු වී 2020 දී තුරන් වී යනු ඇත.

    ReplyDelete
    Replies
    1. චන්දේට කලින් තැබිලි බුද්ධ රසික තුමා සිතා සිටියේ හිලරි දිනයි කියල. තවම හීන දකිනවා. දැන්වත් ඔය මනෝ ලෝකයෙන් එලියට ඇවිල්ල පොළොවේ පය ගහල ජිවත්වෙන්න.

      Delete
    2. @Anonymos
      Rasika frend coret. He is brane man Inteigan. You not know any things.

      Delete
  2. California සහ New York වල ඉන්න ලිබරල් SJW නැත්නම් හිලරිට ඇපත් නෑ.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා Economatta තුමනි,

    ඔබ ජෝතිෂ්‍යය අධ්‍යයනය කළ කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ජ්‍යෝතිෂයේ තාරකා විද්‍යාත්මක පදනම හා ඓතිහාසික විකාශනය ගැන තරමක දැනුමක් තියෙනවා, ඇනෝ.

      Delete
  4. Donald trump racism extrem bad man this world. Donald trump come to prasident USA very sad thing to world.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: